අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමි බුෂේ පායි විසින් රචිත ලිපි

මා අයිති තැන

දෙවියන්වහන්සේගේ ගැළවීමේ කාර්යයේ ශ්‍රේෂ්ඨත්වය සමරන සහ සිහිපත් කරන සාම්ප්‍රදායික යුදෙව් නිවාඩු දිනයක් වන පාස්කු මංගල්‍යය සනිටුහන් කිරීම සඳහා වූ භෝජන සංග්‍රහය අවසානයේ දේවස්ථානයේ සාමාජිකයන් රවුමක සිටිමින් එකට නටමින් ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළහ. බැරී නම් වූ අයෙක් ඉතා ප්‍රීතිමත් සිනාවක් සමඟින් බලාගෙන සිටියේය. ඔහු මෙම අවස්ථාවන්ට කොතරම් ආදරය කරනවාදැයි සඳහන් කරමින්, “දැන්, මෙයයි මගේ පවුල. මේ මගේ ප්‍රජාවයි. මට ආදරය කළ…

පීඩාවන් සඳහා කරුණාව

ඇනී ජොන්සන් ෆ්ලින්ට් උසස් පෙළ අවසන් කර වසර කිහිපයකට පසු දරුණු ආතරයිටිස් රෝගයෙන් ආබාධිත විය. ඇය නැවත කිසි දිනක ඇවිද නොගිය අතර ඇගේ අවශ්‍යතා සඳහා උපකාර කිරීමට අන් අය මත යැපුණාය. ඇගේ කවි සහ ගීතිකා හේතුවෙන්, දේව සේවය ගැන අධෛර්යයට පත් වූ දේවස්ථානයක උපස්ථායිකාවක් ඇතුළු බොහෝ අමුත්තන් ඇය වෙතට පැමිණියහ. අමුත්තන් ආපසු තමන්ගේ නිවෙස්වලට ගිය පසු දෙවියන්වහන්සේ ඇනීගේ ජීවිතයට මෙතරම්…

ප්‍රඥාව සහ අවබෝධය

1373 දී නෝර්විච්හී ජූලියන් වයස අවුරුදු තිහක් වූ විට රෝගාතුර වී මිය යාමට ආසන්නව සිටියාය. ඇයගේ දේව සේවකයා ඇය සමග යාච්ඤා කරන විට ඇය යේසුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම ගැන සළකා බැලූ දර්ශන ගණනාවක් අත් වින්දාය. ආශ්චර්යමත් ලෙස ඇගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වූ පසු ඇය ඊළඟ වසර විස්සක් දේවස්ථානය අසල තිබූ කාමරයක හුදකලාව ගත කළ අතර යාච්ඤා කරමින් සහ ඈ…

ත්‍යාගශීලි දීම

ජෙනරල් චාර්ල්ස් ගෝර්ඩන් (1833-1885) චීනයේ සහ වෙනත් තැන්වල වික්ටෝරියා රැජිනට සේවය කළ නමුත් එංගලන්තයේ ජීවත් වන විට ඔහු තම ආදායමෙන් සියයට 90 ක් ආධාර වශයෙන් ලබා දුන්නේය. ලැන්කෙෂයර්හී සාගතයක් ගැන ඔහුට ආරංචි වූ විට ඔහු ලෝක නායකයෙකුගෙන් ලැබුණු පිරිසිදු රන් පදක්කමක සෙල් ලිපිය ගළවා උතුරට යවා එය උණු කර දුප්පතුන්ට ආහාර මිළදී ගැනීමට මුදල් යොදවන ලෙස පැවසුවේය. එදින ඔහු තම…

පසුතැවිල්ලේ ත්‍යාගය

“නැහැ! මම ඒක කළේ නැහැ” ජේන් තම නව යොවුන් වියේ පුතාගේ ප්‍රතික්‍ෂේප කිරීම ශෝකී හදවතකින් අසා සිටියේ ඔහු පවසන්නේ සත්‍යය නොවන බව ඇය දැන සිටි හෙයිනි. සිදුවූයේ කුමක්දැයි නැවත සයිමන්ගෙන් ඇසීමට පෙර ඇය දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤාවක් කළාය. ඔහු දිගින් දිගටම ඔහු බොරු කී බව ප්‍රතික්‍ෂේප කළ හෙයින් අවසානයේ ඇය දැඩි කෝපයෙන් දෑත් එසෙව්වාය. ඇයට විවේකයක් අවශ්‍ය බව පවසමින් ඇය…

පැමිණ නමස්කාර කරන්න

ඔවුන් බහු-පරම්පරා නමස්කාර සේවයේ එක්ව ප්‍රශංසා ගීත ගායනා කරද්දී බොහෝ දෙනෙක් ප්‍රීතිය හා සාමය අත් වින්දෝය. එහෙත් අධික වෙහෙසකින් සිටි මවකට එසේ නොවීය. හඬන්නට ආසන්නව සිටි තම බිළිඳාව නළවමින් ඇය දිව යන්න හදන තම පස් හැවිරිදි දරුවා නවතා ගැනිමට උත්සාහ කරමින් ඔහු වෙනුවෙන් ගීත පොත අතේ තබා ගත්තාය. එවිට ඇගේ පිටුපසින් වාඩිවී සිටි වැඩිහිටි මහතෙක් කුඩා දරුවාව ගෙන දේවස්ථානය වටා…

දෙවියන්වහන්සේගේ තානාපති කාර්යාලය

චෙක් ජනරජයේ සිටි ලුඞ්මිලා නම්වූ අසූ දෙහැවිරිදි වැන්දඹුවක් තම නිවස “ස්වර්ග රාජ්‍යයේ තානාපති කාර්යයාලය” ලෙස ප්‍රකාශ කර ඇත්තේ “මගේ නිවස ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ දිගුවක්” යනුවෙන් පවසමිනි. වේදනාවෙන් පෙළෙන හා අවශ්‍යතා ඇති ආගන්තුකයන් සහ මිතුරන්ව ඇය ප්‍රේමණීය ආගන්තුක සත්කාරයෙන් පිළිගන්නීය. සමහර විට ආහාර පානද නිදා ගැනීමට තැනක්ද සපයන්නේ සෑම විටම දයානුකම්පිත හා යාච්ඤා පූර්වක ආත්මයකින් යුක්තවය. තම අමුත්තන් රැක බලා ගැනීමට උපකාර…

නිහතමානී ඉරියව්වක්

“ඔබේ අත් පිටුපසට කර තබා ගන්න. එය ඔබට හොඳයි”. ජෑන් කණ්ඩායමක් ඉදිරියේ කථා කිරීමට පෙර ඇගේ සැමියා සෑම විටම දුන් ආදරණීය අවවාදය එයයි. මිනිසුන්ට පහදා දීමට හෝ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරද්දී හෝ ඇය මෙම ඉරියව්ව අනුගමනය කළේ එය ඇයට ඉගැන්විය හැකි සවන් දිය හැකි මානසික රාමුවකට පත් කරන හෙයිනි. ඇය එය භාවිතා කළේ තමා ඉදිරියේ සිටින අයට ප්‍රේම කිරීමටත්…

වචනය සහ අලුත් අවුරුද්දක්

පිලිපීනයේ හැදී වැඩෙන විට මිචෙලන් අභියෝග වලට මුහුණ දුන් නමුත් නිතරම වචන වලට ප්‍රිය කළ අතර එයින් සහනයක් ලබා ගත්තාය. පසුව දිනක් විශ්ව විද්‍යාලයට යන විට ඇය යොහන් ශුභාරංචියේ පළමු පරිච්ඡේදය කියවූ අතර ඇගේ “ගල් හිත කැළඹුණි”. ඇයට දැණුනේ යම් කෙනෙක් ඇයට මෙසේ කියනවාක් මෙනි. “ඔව්, ඔබ වචන වලට ප්‍රිය කරන්නේය. මෙය අනුමාන කළ හැකිද? සදාකාලික වචනයක් තිබේ. දැන් සහ…

සමාදානයේ කුමරා

ජෝන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව නියුමෝනියාවට හැරුණු විට ඔහුට රෝහල් ගත වීමට සිදු වුනි. ඒ සමගම ඔහුගේ මව පිළිකාවක් සඳහා ඔහුට වඩා තට්ටු කිහිපයක් ඉහළින් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇය ගැනත් ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැනත් ඔහු කරදර වුනි. පසුව නත්තලට පෙර දින රාත්‍රියේ “ඕ ශුද්ධවූ රාත්‍රිය” යන කැරොල් ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී දෙවියන්වහන්සේගේ සමාදානය පිළිබඳ ගැඹුරු හැඟීමක් ඔහුට ඇති වුනි. ආදරණීය ගැළවුම්කරුවාණන්ගේ…